FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අධියර අදින් ඇරඹෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා අවසන් වූ මෙවර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අධියර අද (28) ආරම්භ වේ. 

අද (28) සිට සැප්තැම්බර් 13 වනදා දක්වා ක්‍රියාත්මක පළමු අධියරේ ඇගයීම් කටයුතු වෙනුවෙන් සම්පූර්ණයෙන් වසා තැඛෙන පාසල් සංඛ්‍යාව 12 ක් වන අතර , අර්ධ වශයෙන් පාසල් 26 ක් වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පිළිතුරු පත්‍ර ඇගයීම් වෙනුවෙන් ඇගයීම් මණ්ඩල 498 ක් යටතේ ගුරුවරුන් 8466 ක් සහභාගීවීමට නියමිතය.

එම පාසල් ෙතවන පාසල් වාරය සඳහා යළි විවෘත කෙරෙනුයේ සැප්තැම්බර් 16 වනදායි.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අධියර සැප්තැම්බර් 15 වනදා සිට ඔක්තෝබර් පළමුවැනිදා දක්වාද , තුන්වන අධියර සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝබර් 08 වැනිදා දක්වාද පැවැත්වීමට නියමිතව ඇත.