FAST NEWS

24×7 Around the Globe

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ‌‌ලෙස පත්කරමින් යළිත් ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය දීර්ඝ කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. 

එම ගැසට් නිවේදනය අනුව මගී හා භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් සඳහා වන දුම්රිය සේවාවන් සහ ඊට අදාළ දුම්රිය මාර්ග නඩත්තුව, නිසි ආරක්ෂාව සැපයීම සඳහා වන සංඥා පද්ධති, මෙහෙයුම්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුලු දුම්රිය දෙපාර්තමේන්තුව කළයුතු සියලු සේවාවන් ආවරණය වන පරිදි යළි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.