FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ තවත් ප්‍රබලයන් දෙදෙනෙක් අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික තව්හීද් ජමාත් (NTJ) සහ ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහීම් (JMI) සංවිධානවල ක්‍රියාකාරි සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර , මෙම සැකකරුවන් අබු අනාස් සහ අබු රාවා ලෙස හඳුනාගෙන ඇත.

මොවුන් සහරාන් හෂීම් ගේ නුවරඑළිය සහ හම්බන්තොට පුහුණු කඳවුරුවල පුහුණුව ලබා ඇති බවට වාර්තා වෙයි.