FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ තවත් සගයින් දෙදෙනක් අත්අඩංගුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කල ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ  සාමාජිකයින් දෙදෙනෙකු අද(27) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරැ මතය.

මොවුන් දෙදෙනා නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් විසින් තහවුරු කරගෙන ඇති බව පොලිසිය පවසයි.

මුහම්මදු රයිසුද්දීන් අබ්දුර් රහාමාන් වන එක් සැකකරුවෙක් වත්තේගෙදර, පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම පුද්ගලයා සහාරන් විසින් පැවැත්වු නුවරඑළිය කඳවුරට සහභාගි වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු අනස් යන අනුවර්ථ නාමය ලබා දී ඇත.

අනෙක් සැකකරු වන්නේ, සෙයිනුල් ආබ්දීන් හප්සල්  වන අතර ඔහු කෝන්දෙණියගොඩ, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු සහාරාන් විසින් පැවැත්වු හම්බන්තොට කඳවුරට සහාභාගි වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු රාවා නැමැති අනුවර්ථ නාමය ලබා දී ඇත.

ඒ අනුව මේ වන විට සහරාන් ගේ අනුගාමිකයින් 17 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවේ පසුවේ.