FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය මාධ්‍යවේදීන්ට අනතුරුදායකයි – බී.බී.සී

පාකිස්තානය මාධ්‍යවේදීන්ට අනතුරුදායක රටක් බවට බී.බී.සී. ලෝක සේවය ප‍්‍රවෘත්තියක් පළ කර තිබෙනවා.

මෙම වාර්තාවේ දැක්වෙන්නේ ඉකුත් වසර තුළ මාධ්‍යවේදීන් 14 දෙනෙකු එරටදී ඝාතනයට ලක්ව ඇති බවයි.

ගත වූ පැය 24 තුළද පාකිස්තානයේදී මාධ්‍යවේදීන් වෙත ප‍්‍රහාර 4 ක් එල්ල වී තිබෙනවා.

මෙම එක් ප‍්‍රහාරයකින් ජියෝ ටී.වී නාලිකාවේ සේවකයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි බී.බි.සී. ලෝක සේවය පවසන්නේ.

තවත් ප‍්‍රහාරයකින් විශ‍්‍රාමික මාධ්‍යවේදියෙකු වන අෆ්තාප් අලාම් මියගියා. අනෙක් ප‍්‍රහාරය සිදු වූයේ පෙෂාවර් නගරයේදීයි.

පාකිස්තානයේ රාජ්‍ය රූපවාහිනී නාලිකාව වන පී.ටී.වී. හි මාධ්‍යවේදියෙකු එහිදී තුවාල ලබා තිබෙනවා. පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර වාර්තාකරු ඉල්ලියාස් ඛාන් පවසන්නේ අදාළ ප‍්‍රහාරවලට හේතුව තවමත් අනාවරණ වී නොමැති බවයි.

මෙම ප‍්‍රහාර සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකුද තවමත් අත්අඩංගුවට ගෙන නැතැයි ඔහු පැවසුවා.