එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලාමේන්තු මන්ත්‍රී අජිත් .පී පෙරේරා මහතාට සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට එරෙහිව විනය පියවර ගැනීමට තිරණය කරයි.
ඒ ඔවුන්ගේ ක්‍රියා කාලාපය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි හේතුවෙනි.
අදාල මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධව ලිපියක් මගින් දැනුම් දී ඇති බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කරියවසම් මහතා සඳහන් කරයි.
එම ලිපියේ සඳහන් පරිදි අදාල මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය ,පක්ෂ නායකත්වය, පක්ෂයේ කෘත්‍යධිකාරි මණ්ඩලය ,පක්ෂයේ වැඩ පිලිවෙල සහ ක්‍රියාමාර්ග විවිධාකාරයෙන් මාධ්‍ය ඔස්සේ විවේචනය කර ඇති බවට කරුණු වාර්තා වු බව දන්වා ඇත.
එම කරුණු අනුව අදාල මන්ත්‍රීවරුන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංගනය කර ඇති බවද සඳහන් වේ.
සැප්තැම්බර් මස 9වනදාට හො ඊට පෙර ලිඛිතව මෙම පැමිණිලි සඳහා කරුණු දැක්වීමට කටයුතු කළ යුතු බවත් ඉන් අනතුරුව පක්ෂයේ විනය කමිටුව විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.








