FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ජනපති කොමිසම හමුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත අද (27) පෙරවරුවේ පෙනී සිටියේය.

2015 – 2018 වසරවල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත ඔහු අද පැමිණියේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල පිළිබඳව කොමිසමට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.