(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනය දක්වා ප්‍රවාහනය කරන මාර්ගවල ආරක්ෂාව සඳහා 100 කට අධික පොලිස් සහ යුද හමුදා සාමාජිකයින් යොදවා ඇති බව පොලීසිය සදහන් කරයි.
මීට අමතරව ජංගම මුර සංචාර සහ යතුරුපැදි සංචාර ද යොදවා ඇති බවත් පොලිසිය පසුගියදා ප්‍රකාශ කළේය.
අදාළ කසළ ප්‍රවාහන ලොරි රථවලට කිහිප විටකදීම විවිධ පුද්ගලයන් විසින් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් දැඩි ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කරන බව ද පොලීසිය පවසයි.
ලොරි රථවලට පහර දෙන පුද්ගලයින්ට පොදු දේපළ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් කොළඹ මහ නගර සභාව පවසයි.
මෙම ප්‍රහාරවලින් මේ වන විට කසළ ලොරි 10 කට සහ ආරක්ෂාව සැපයූ පොලිස් ජීප් රථයකට ද හානි වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.








