(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්අඩංගුවේ සිටි රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා ලබන මස නව වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ, ඔවුන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එම විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අදාළ සිසුවා මාධ්‍ය හමුවක් කැඳවමින් මීට අදාළ කරුණු අනාවරණ කළ අතර, ඒ අනුව මෙම සැකකාර සිසුන් පසුගිය 06 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේය.








