(ෆාස්ට් නිවුස් | කොළඹ) – රජරට ප්‍රදේශයේ ගොවි බිම්වල සේනා දළඹු විශේෂය නැවත වරක් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ ගොවීහු පවසති.
ගොවීහු පවසන ආකාරයට මේ දිනවල පලුගස්වැව හොරිවිල ප්‍රදේශයේ රටකජු වගාවේ ලොකු ළූණු වගාවේ බඩ ඉරිගු සහ කව්පි වගාව හි දළඹුවන් වීශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.
පසුගිය වසරේ සේනා දළඹු මර්දනය වීමෙන් පසු දිවයිනේ කිසිම ප්‍රදේශයක සේනා දළඹුවන් ව්‍යාප්ත වීමේ තත්ත්වයක් වාර්තා නොවුණු අතර මෙම වසරේ පළමු වතාවට සේනා දළඹු ව්‍යාප්තිය හොරිවිල ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයකි.
ඉදිරි කන්නවලදී මෙය පැතිර යාමේ අවධානමක් පවතින බවත් එය පාලනය කිරීම ක්‍රියාත්මක වෙමින් පවත් වැඩිදුරටත් වර්තා වේ.








