FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී ලෙස රටට ඇතුළුවීමට උත්සහ කල අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ව්‍යාජ ලෙස සැකසූ ඉතාලි විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් මෙරටට ඇතුළුවීමට උත්සහ  කළ විදේශීය තරුණයෙකු යළි හරවා යැවීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ.

ඔහු තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිට තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ මෙරටට පැමිණීමට උත්සාහ දරා ඇති අතර ඔහුට සිය ජාතිකත්වය තහවුරු කර ගැනීමට නොහැකි වූ බව වාර්තා වුණි.

මෙහිදී ආගමන, විගමන නිලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී අනාවරණ වී ඇත්තේ ඔහු සතු විදෙස් ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බවයි.

එමෙන්ම මෙම තරුණයා සතුව යළි මෙරටින් පිටවීම සඳහා ගුවන් ටිකට් පතක් ද තිබී නොමැති බවයි ගුවන් තොටුපල බලධාරීන් පැවසුවේය.