(ෆාස්ට් නිවුස් | කොළඹ) – පානදුර, සෙට්ටිකුලම, උඩුදුම්බර, මොණරාගල, කෑගල්ල, කුරුණෑගල සහ ගලහිටියාව යන ප්‍රදේශවල පැය 24 ක් ඇතුලත සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් පානදුර – ගල්තුඬේ ප්‍රදේශයේදී 20 හැවිරිදි යතුරුපැදිකරු සහ 17 හැවිරිදි පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මොණරාගල – කුඹුක්කන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකින් ඇද වැටීමෙන් 17 හැවිරිදි තරුණයෙකුද ජීවිතක්ෂයට ඇත.








