(ෆාස්ට් නිවුස් | කොළඹ) – දැඩි ආරක්ෂාව මධ්‍යයේ වැලිකඩ සහ දුම්බර බන්ධනාගාර වල රඳවා සිටි අපරාධකරුවන් 15 දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.
ප්‍රබල අපරාධ කල්ලි සාමාජික කන්ජිපානි ඉම්රාන් ඇතුළු සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ අපරාධකරුවන් 15 දෙනෙකු මෙලෙස බූස්ස බන්ධානාගාරය වෙත මාරු කර තිබේ.
මරණ දඬුවම නියමව සිටින සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” සහ මොහොමඩ් නවුෆර් හෙවත් “පොට්ට නවුෆර්” ද මාරු කර යැවු අපරාධකරුවන් අතර වන බව වාර්තා වේ.
මෙම අපරාධකරුවන් බුද්ධි අංශ මඟින් ලබා දුන් වාර්තාවක් මත මාරු කර යැවුණු අතර තවත් අපාරධකරුවන් කිහිප දෙනෙකු ඉදිරියේදී බූස්ස බන්ධානාගාරය වෙත මාරුකිරීමට නියමිත බව වැඩි දුරටත් සඳහන්ය.








