FAST NEWS

24×7 Around the Globe

එජාපයේ අපේක්ෂකයා සහ නව සන්ධානය ගැන තීන්දුව තවත් කල් යයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ නව සන්ධානය බිහි කිරීම තවදුරටත් කල් යනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශකර සිටියේය.

මේ සතිය අවසන්වීමට පෙර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලෙසට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් මීට පෙර ඉල්ලීමක් ද සිදුකළේය.

සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂකයා සහ නව සන්ධානය බිහි කිරීමට මීට පෙර තීරණය කර තිබුණත් මෙතෙක් ඒ සදහා නිසි තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

.