(ෆාස්ට් නිවුස් | කොළඹ) – ජාතික භික්ෂු දිනය අද(26) මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.
රට සහ ජාතිය වෙනුවෙන් කැප වූ භික්ෂුන් වහන්සේ අනුස්මරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
ඊයේ(25) මාතරදී ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය හඳුගල රතනපාල හිමියන් පවසා සිටියේ සාම්ප්‍රදායික භික්ෂුව ලංකාවට බුදු දහම ගෙන ඒමෙන් පසුව ධර්ම හා විනය යන කරුණු දෙක ආරක්ෂා කර ගනිමින් ජීවත් වු බවයි.
සාම්ප්‍රදායික භික්ෂුවගේ චරිතයෙන් පරිභාහිරව සිට තම ජීවිතය සමාජ උන්නතිය වෙනුවෙන් කැප කළ භික්ෂු පරම්පරාවක් සිටින බවත් එනිසා ජාතික භික්ෂු පෙරමුණ වශයෙන් අද දිනයේ නම් කර ඇති ජාතික භික්ෂු දිනය සමාජයේ යහපත වෙනුවෙන්, හා ජීවිත කැපකල භික්ෂුන් වහන්සේ අනුස්මරණය සඳහා යොදා ගැනීමට තීරණය කළ බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.








