(ෆාස්ට් නිවුස් | කොළඹ) – අද (26) බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අනුරාධපුරය දිස්ත්‍රික්කයේ මද වැසි ඇති විය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
තරමක් තද වර්ෂාපතනයන් බස්නාහිර, සබරගමුව , දකුණු සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක ඇති විය හැකිය.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.








