FAST NEWS

24×7 Around the Globe

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි හදිසියේ රෝහල්ගත කරයි.

හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඊයේ (10දා) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සෝභිත හිමියන්ගේ රෝගී තත්ත්වය බරපතළ නොවන බවත්, අද (11දා) දිනයේදී අදාළ රෝගී තත්ත්වය පිළිබඳව පරීක්ෂණ කිහිපයක් සිදුකරන බවත් කොළඹ ජාතික රෝහලේ නිලධාරියෙක් සඳහන් කළේය.