FAST NEWS

24×7 Around the Globe

ජනපතිට පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවෙන් ලිපියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස එම කාරක සභාව  විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත මෙම ඉල්ලීම යොමුකර ඇති අතර , එම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඒ සඳහා ජනාධිපතිවරයාට පහසු දිනයක් පිළිබඳ දන්වා එවන ලෙසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යළි රැස්වන දිනය තීරණය වන්නේද ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ලැබීමෙන් පසුව බවත් සඳහන් වේ.

මෙම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ නිල කාලය පසුගිය සිකුරාදා දිනයෙන් අවසන් වීමටයි නියමිතව තිබුණත් එහි කාලසීමාව එළඹෙන සැප්තැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කළේය.