FAST NEWS

24×7 Around the Globe

තවත් ඖෂධ වර්ග 27 ක මිල අඩුකරනවා – සෞඛ්‍ය ඇමති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරියේදී තවත් ඖෂධ 27 ක මිල නියමානුකූල කිරීමට පියවර ගන්නා බවත් , ඒ අනුව නියමානුකූල කළ ඖෂධ ප්‍රමාණය සියය දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

එමගින් 5000 ක් පමණ වූ වෙළෙඳ නාමයන් සහිත ඖෂධවල මිල අඩුවීමක් සිදුවන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

හම්බන්තොට පැවති ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ 18 වන සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.