FAST NEWS

24×7 Around the Globe

ඇල්ල – රොක් ගිනි තැබුවාදැයි සොයන්න විශේෂ පරීක්ෂණයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගියදා ‘‘ඇල්ල රොක්’’ රක්ෂිතයේ පැතිර ගිය ගින්න සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මිනිස් ක්‍රියාකාරකමක් නිසා මෙම ගින්න පැතිර යන්නට ඇතැයි සැක පළ කරන බව පොලිසිය සදහන් කරයි.

ඒ අනුව, රක්ෂිතයට බලපෑම් සිදුකළ පුද්ගලයන් සොයා මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ඇල්ල පොලීසිය පවසයි.

සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල කරමින් දින දෙකක් පුරා පැතිර ගිය ගින්න පාලනය කරන විටත්, අක්කර 20 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබූ බව වාර්තා වෙයි.