FAST NEWS

24×7 Around the Globe

අලියාවලෙයි මුහුදු තීරයේ පුපුරණ ද්‍රව්‍ය බවට සැක පාර්සලයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාපනය – අලියාවලෙයි මුහුදු ප්‍රදේශයේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය බවට සැකකරන පාර්සලය වැඩිදුර විමර්ශණ සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත නාවික හමුදාවේ සහය ඇතිව මෙම පාර්සලය සොයා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේය.

කිලෝ 15 ක පමණ බරකින් යුත් එම ද්‍රව්‍ය වැලි සමග මිශ්‍ර කර තිබූ බව නාවික හමුදාව පවසයි.

සැකකටයුතු පාර්සලය ත්‍රස්ත විමර්ශණ ඒකකය භාරයට ගෙන ඉන් අනතුරුව එය වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇත.