FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය අංශය අභිබවා පෞද්ගලික අංශය ඉදිරියට

 

(ෆාස්ට් නිවුස් |කොළඹ) – අද (23) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියේ  ඇතැම් දේශපාලනඥයින් විසින් ගන්නා වැරදි තීන්දු තීරණ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අයහපත් බලපෑම් එල්ල වී ඇති බවයි.

ලෝකයේ වෙනත් රටවල ඇති විශාල ඉදිකිරිම් සම්බන්ධයෙන් මෙරට ජනතාව සිහින දැක්කද ලංකාවේ භූමියේ පිහිටීමද එහිදී සැළකිය යුතු කරුණක් බව එතුමා පවසා සිටියි.

ඉදිකිරීම් ක්ශේත්‍ර ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවත් ඉදිකිරීම් කාර්යයේ දී පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට සාපේක්ෂව ප්‍රමිතියෙන් හා තත්ත්වයෙන් උසස් ලෙස ඉදිරියට ගමන් කරන බවත් ජනාධිපතිවරයා  එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.