FAST NEWS

24×7 Around the Globe

2019 වසරේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම අද (23) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

මෙහිදී දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම සිදුකරනු ලබයි.

ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති සහ ඉවත් කර ඇති නම් පිළිබඳව එහි සඳහන් වන බවත් , යම් පුද්ගලයෙකුගේ නමක් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වී නොමැති නම් ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ඡන්ද හිමි නාමලේඛණය සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටී.