FAST NEWS

24×7 Around the Globe

2023 දී විද්‍යා විෂය මාලාවේ සංශෝදනයක්

 

(ෆාස්ට් නිවුස් |කොළඹ) – 2023 වසරේදී ක්‍රියාත්මක වීමට නියමිත නව විෂය මාලා සංශෝධන යටතේ ප්‍රයෝගික ක්‍රියාකාරකම් වලට වැඩි ඉඩක් සලසමින් පාසල් විද්‍යා විෂය මාලාව වෙනස් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙහිදී හඳුන්වා දීමට අපේක්ෂා කර ඇත්තේ පාසල් විද්‍යා විෂය මාලාව තුළ මෙතෙක් පැවති ක්‍රමය වෙනුවට පර්යේෂණ මත පදනම් වූ විද්‍යා අධ්‍යාපන ක්‍රමවේදයකි.

මේ වනවිටත් නව විෂය මාලාව හඳුන්වාදීමට අවශ්‍ය පියවර අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික විද්‍යාභිවර්ධන සංගමය එක්ව ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

සිසුන් නිරන්තරයෙන් විෂය සම්බන්ධ ඇගයීමට ලක්වන අන්දමේ ක්‍රියාකාරකම් ඇතුළත් කරමින් මෙම විෂය මාලා සංශෝධනය කිරීමට යෝජනා වී ඇති අතර ඒ අනුව ව්‍යාපෘති පාදක ප්‍රායෝගික විෂය මාලාවක් විද්‍යා විෂය වෙනුවෙන් හඳුන්වා දීමට නියමිතව ඇත.