(ෆාස්ට් නිවුස් |කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ නිළ කාලය මේ වසරේ දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කර තිබේ.
2017 වසරේ අගෝස්තු 22 වන දා එතුමා ආරක්ෂක මාණ්ඩලික තනතුරට පත්කෙරුණු අතර 2015 වසරේ ජුලි 11 වන දා සිට ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.
නාවික හමුදා මෙහෙයුම්වලදී දැක්වූ වීරත්වය හේතුවෙන් ඔහුට රණවික්‍රම සහ රණශූර ආදී සම්මාන පදක්කම් ද හිමි වී ඇත.
යුද සමයේ පූනරීන් මෙහෙයුමේදී පෙරමුණ ගත් සෙන්පතියෙක් වන ඔහු ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බල ගණය ද මෙහෙය වන ලදී.
කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1980 වසරේ නොවැම්බර් 1 වන නාවික හමුදාවට එක්වූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.








