(ෆාස්ට් නිවුස් |කොළඹ) – දඹුල්ල – හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද අලුයම ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මහරගම සිට කින්නියා බලා ධාවනය වූ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම අනතුරෙන් තුවාල ලැබූ රියදුරන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර , ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වෙයි.
ඇතුළත් කළ රෝගීන් අතර කාන්තාවන් අට දෙනෙක් පිරිමි පුද්ගලයින් දාහත් දෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු වන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
අනතුර හේතුවෙන් දඹුල්ල-හබරණ මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී ඇති අතර මේ සම්බන්ධයෙන් සීගිරිය පොලිසියයි වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලැබේ.








