(ෆාස්ට් නිවුස් |කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය අද(23 ) පෙරවරු 08 න් අවසන් වී ඇත.
වැඩවර්ජනය හේතුවෙන් ඊයේ(22) දිනයේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වුයේ රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය, උසස් පෙළ අසමතුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය උත්සහ ගැනීම, විවිධ අණපනත් හරහා වෛද්‍ය සභාව අකර්මණ්‍ය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමිනි.








