FAST NEWS

24×7 Around the Globe

කොළඹ ට්‍රැෆික් අඩු කිරීමට පොලීසිය ජනතාවගේ සහය පතයි

 

(ෆාස්ට් නිවුස් | කොළඹ ) – කොළඹ පවත්නා රථ වාහන තදබදය අවම කර ගැනීමට මහජනතාවගෙන් යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ ඒ සඳහා සුදුසු යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන ලෙසයි.

අදාල යෝජනා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අංක 331, ඕල්කට් මාවත, කොළඹ 11 යන ලිපිනයට තැපැල් මාර්ගයෙන් හෝ dig.colombo@police.lk විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.