(ෆාස්ට් නිවුස් | කොළඹ ) – එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් 6 දෙනෙකු විසින් පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
නිමල් ලංසා, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මන්ත්‍රීවරුන් 6 දෙනා ඊට අත්සන් කර ඇත.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ද එහි පිටපතක් යවා ඇති බව වාර්තා වේ.








