(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය දිනවල කැළණිය විශ්වවිද්‍යාලයේ පරිඝණක හා තාක්ෂණ පීඨයේ උද්ගත වී තිබූ අධ්‍යයන ගැටළුවලට විසදුම් ලබාදුන් බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සදහන් කළේය.
ගැටළු කීපයක් මුල්කර ගනිමින් එම සරසවියේ සිසුන් පිරිසක් විරෝධතා කිහිපයක් ක්‍රියාත්මක කළ අතර , පසුව උපකුලපතිවරයා ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය.
ඒ අනුව සියළු පාර්ශවවලින් කරුණු විමසීමෙන් පසු කමිටුවේ නිර්දේශ මත පිහිටා සිසුන්ට නැවත විභාගවලට මුහුණදීමට අවස්ථාව සලසා ඇති බවයි කැළණිය විශ්වවිද්‍යාලය වැඩිදුරටත් සදහන් කළේ.








