(ෆාස්ට් නිවුස් | කොළඹ ) – අධ්‍යාපන අමාත්‍යවරයා සහ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව එම අමාත්‍යාංශයේ විශේෂ අවධානය ආදායම් බදු ගෙවන්නන්ගේ දරුවන් ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව යොමුව ඇත.
ජාතික ආදායම වර්ධනය කිරීම සඳහා රජයට නොමසුරුව ආදායම් බදු ගෙවන්නන්ගෙන් ලැබෙන දායකත්වය ඇගයීම හා දිරිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණයි.
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නිර්නායක සකස් කිරීමේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගැනීමටද මෙහිදී වැඩිදුරටත් අපේක්ෂා කෙරෙන බව වාර්තා වේ.








