FAST NEWS

24×7 Around the Globe

මාවනැල්ලේ බුදු පිළිම හානි සිදුකළ අය යළිත් රිමාන්ඩ්

 

(ෆාස්ට් නිවුස් | කොළඹ ) – මාවනැල්ලේ බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවන් ලබන මස පස්වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (22) පෙර වරුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක සහ සැකකරුවන් දහතුන් දෙනෙකු සහ සිද්ධියට අදාළ වෑන් රථ දෙකක් ද මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සියල්ල අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල පොලිසිය, රාජ්‍ය බුද්ධි සේවාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කළ විමර්ශනවලින් අනතුරුවයි.