FAST NEWS

24×7 Around the Globe

ඩ්‍රෝන යානා පිළිබඳ සංගණනයක් අරඹයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණයක් පැවැත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

මේ වන විට ඩ්‍රෝන යානා 500 ක් පමණ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වී ඇත.

මෙම සංගණනයේ අරමුණ වන්නේ අදාළ ඩ්‍රෝන යානා ලියාපදිංචි හිමිකරුවන් සතුව තවදුරටත් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබාගැනීම සහ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන යානා ලියාපදිංචි කිරීමයි.

සංගණනයේදී ලබාගන්නා දත්ත මත පදනම්ව ඩ්‍රෝන යානා තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.