(ෆාස්ට් නිවුස් | කොළඹ ) – අද(22) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය ආරම්භ කරන ලදී.
කොළඹ නගරයේ මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවය ආරම්භ කරන ලද අතර මිනිත්තු 10 කට අඩු කාලයකදී මෙහිදී අදාළ ගමනාන්තයට ළඟාවිය හැකිය.
ප්‍රවර්ධන කටයුත්තක් ලෙස මෙම සේවය මුල් මාසය තුළදී මගී ජනතාවට නොමිලේ ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මෙහි ප්‍රවාහන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකිරීමට නියමිතව ඇත.








