FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය පිළිබද සොයන තේරීම් කාරක සභාවේ කාලය දීර්ඝ වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට අදාල යෝජනාව සඳහා පාර්ලිමේන්තු අවසරය හිමිව ඇත.

ඒ අනුව , තේරීම් කාරක සභාවේ කාලය සැප්තැම්බර් 30 වනදා දක්වා දීර්ඝ වනු ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු ලැබුවේ පසුගිය මැයි 22 වනදායි.