FAST NEWS

24×7 Around the Globe

අලුතින් පත් වු අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

වර්තමාන රජයේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

නීතීඥවරයෙකු වන අරුණ ලක්සිරි මහත අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව 30 ඉක්මවිය නොහැකි බවයි.

එහෙත් වත්මන් රජයේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය එම සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇති බව සඳහන් කළ පෙත්සම්කරු එම නිසා අදාළ පත්කිරීම් නීතියට පටහැනි බව පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අදාළ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.