FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික මන්තී‍්‍රවරුන්ට අද හදිසි කැඳවීමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසි හමුවක් සඳහා අද (21) අරලියගහ මන්දිරයට කැඳවීමක් සිදුකර ඇත.

මෙහිදී ජනාධිපති ධුර අපේක්ෂකයා සහ නව සන්ධානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමුවනු ඇති බව වාර්තා වෙයි.

මීට අමතරව , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් හෙට (22) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන භෝජන සංග්‍රහයක් සඳහා පැමිණෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.