FAST NEWS

24×7 Around the Globe

සුුමන්දිරන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මැදිහත් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඒ , සීමා නිර්ණය කටයුතුවලින් තොරව පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරණයාට නීතියෙන් ඉඩක් නොමැති බව සඳහන් කරමින්.

සීමා නිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නීතීයෙන් ඉඩක් තිබේදැයි විමසමින් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කර තිබෙන මත විමසීමට අදාළව මැදිහත්වීමේ පෙත්සමක් ඉදිරිපත් කරමින් සුමන්තිරන් මහතා විසින් මෙම කරුණු දක්වා ඇත.

ඔහු මැදිහත් පෙත්සමෙන් කියා සිටින්නේ 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අනුව සීමා නිර්ණය කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවයි.

එම පනතට අනුව සීමා නිර්ණය කටයුතුවලින් තොරව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නීතියෙන් හැකියාවක් නොමැති බවට තීන්දු කරන මෙන්ද සුමන්දිරන් මන්ත්‍රීවරයා සිය මැදිහත්වීම් පෙත්සම මගින් අධිකරණය වෙත දැනුම් දී තිබේ.