(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනපති ඝාතන කුමන්ත්‍රණයට අදාළව මරණ දඩුවමට නියම වී සිටින රැඳවියන් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ.
ඒ සදහා අවස්ථාව සලසන ලෙසට ඔවුන් රඳවා සිටින වැලිකඩ සහ අගුණකොළපැළැස්ස බන්ධනාගාර අධිකාරීවරුන්ට නියම කර ඇති අතර , ලබන සඳුදා සිට සැප්තැම්බර් 12 වනදා දක්වා කාලය තුළදී මෙම රැඳවියන්ගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණය විසින් අවසර දී ඇත.
බුද්ධි තොරතුරු මත පදනම්ව ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් අදාළ රැඳවියන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.








