(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අද (21) සිට ජනමාධ්‍යයට විවෘත වනු ඇත.
මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ දී කාරක සභාව රැස්වීමට නියමිත අතර , එහි ආරම්භක අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ඇතුලු පිරිසක් එක්වීමට නියමිතය.
රජයේ ගිණුම් කාරක සභාව 1923 වසරේ පළමු වරට ආරම්භ විය.
ඒ අනුව මෙහි විශේෂත්වය වන්නේ වසර 96 කට පසුව පළමුවරට මෙය මාධ්‍යයට විවෘත වීමයි.
අද දින කාරක සභාවේදී රජයේ මුද්‍රණ නීතිගත දෙපාර්තමේන්තුවේ කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය සොයාබැලීම සහ 2015, 2016 වර්ෂවල ගිණුම් කටයුතු පරීක්ෂාව සිදුකෙරෙනු ඇත.








