FAST NEWS

24×7 Around the Globe

යාපනයේ දී ආරම්භ වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තෙවන ප්‍රදර්ශනය

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – සැප්තැම්බර් මස 07 වනදා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තෙවන ප්‍රදර්ශනය ඇරඹීමට නියමතව ඇත.

මෙම ප්‍රදර්ශනය යාපනය කොටුවේදී පැවැත්වීමට ඊයේ(19) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්චාවක දී තීරණය කරන ලදී.

ධීවර කෘෂිකාර්මික හා කාර්මික ක්ෂේත්‍රයන්හි නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ඒ සඳහා අවශ්‍ය මුලික ප්‍රතිපාදන සපයන බව මහා භාණ්ඩාගාරයේ ජේෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ ආර් දේශප්‍රිය මහතා පවසා සිටියේය.