FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ප්‍රථම වරට වේදනා පාලන හෙද පුහුණුවක් අරඹයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට වේදනා පාලන හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අදාළ පාඨමාලාව පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල මගින් මෙහෙයවනු ලබන අතර , එහි පළමු කණ්ඩායමට හෙද හෙදියන් හතලිස් දෙදෙනෙකු ඇතුළත් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ ක්ෂේත්‍රයන් වෙනුවෙන් විශේෂඥ පුහුණුව ලැබූ හෙදියන් පුහුණු කිරීමේ ජාත්‍යන්තර ප්‍රවනතාවට අනුකූලව මෙම පාඨමාලාව ආරම්භ කර ඇත.