FAST NEWS

24×7 Around the Globe

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා යාමට ගිය පිරිසක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිවුස් | කොළඹ)  – ඊයේ(19) රාත්‍රියේ , මුහුදු මාර්ගය ඔස්සේ ඕස්ට්‍රේලියාව බලා යාමට සූදානමින් නිවසක රැදී සිටි 10 දෙනෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වෙන්නප්පුව –නයිනමඩම‍, තල්දෙක ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් රැදී සිටින බවට ලද තොරතුරක් මත වැටීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත –පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇති අතර අඹු –සැමි යුවලක් සහ කුඩා දරුවන් දෙදෙනෙකුද මේ අතර වන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.