(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන ලෙස පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද පස්වරු 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.
එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ෂනය කිරීම සදහා ජනාධිපතිතුමා විසින් පත්කරනු ලැබු ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන් සාක්ෂි ලබා ගැනීම සදහා කැදවා ඇති බවයි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් සාක්ෂිදීමට නියමිතව තිබේ.








