FAST NEWS

24×7 Around the Globe

කොළඹ එක්රැස් වූ කසල දුම්රි‌යෙන් ගෙනියන්න පරීක්ෂණ චාරිකාවක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ නගරයේ එක්රැස්වී ඇති කසළ ලොරිවලට පටවා අරුවක්කාලු කසළ රඳවනය වෙත දුම්රිය මගින් ගෙනයාමේ පරීක්‍ෂණ චාරිකාවක් ලබන සෙනසුරාදා (24) සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කළේය.

ඒ අනුව , කොළඹ දුම්රිය අංගණයේ සිට පුත්තලම පෙරියනාඩු දුම්රිය ස්ථානය දක්වා කසළ ලොරි දෙකක් දුම්රිය ගැල්වල පටවාගෙන යෑමට සැලසුම් කර තිබේ.

කසළ පැටවූ ලොරි පෙරියනාඩු දුම්රිය ස්ථානයේ සිට අරුවක්කාලු කසළ රඳවනය දක්වා සාමාන්‍ය මාර්ගයේ ධාවනය කරන බවත්, සෙනසුරාදා දින සිදුකරන පරීක්‍ෂණ චාරිකාව සාර්ථක වුවහොත් කොළඹ කසළ දුම්රිය මාර්ගය ඔස්සේ අඛණ්ඩව ගෙනයා හැකි බවත් ඩිලන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.