FAST NEWS

24×7 Around the Globe

යුද හමුදා සෙබලෙකු පැරෂුට් පුහුණුවක් අතරතුර ජීවිතක්ෂයට

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – අද(20) පෙරවරුවේ ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු හදිසියේ ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

අම්පාර – උහන ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර පැරෂුටය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ඔහු බිම ඇද වැටී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය.

බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලා රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.