FAST NEWS

24×7 Around the Globe

මෙහෙවර පියස ජනතා අයිතියට

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානතත්වයෙන් කොළඹ නාරාහේන්පිට ඉදිකෙරුනු මෙහෙවර පියස නව ගොඩනැගිලි සංකීර්ණය අද(20) විවෘත කිරීමට නියමිතයි.

මේ සඳහා වැය කෙරුනු මුදල රුපියල් කෝටි 800 කි.

සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමති රවින්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ගොඩනැගිල්ල මෙරට වැඩකරන ජනතාවට ලද විශිෂ්ට ජයග්‍රහණයක් බවයි.

විවෘත කිරීමෙන් පසුව කම්කරු අමාත්‍යංශය හා කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලු ආයතන හා දෙපාර්තමේන්තු මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ස්ථාපිත කරන බව එහිදී එම මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.