FAST NEWS

24×7 Around the Globe

රාජකාරි වෙලාවේදී ඌව රාජ්‍ය සේවකයින් හට සමාජ මාධ්‍ය තහනමක්

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – ඌව වෙල්ලස්ස අනාගතය උදෙසා ඌව ක්ලීන් ග්‍රීන් නැමති වැඩසටහන ආරම්භ කරමින් ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර සිටියේය.

ඒ එම පළාතේ රාජ්‍ය සේවකයින් රාජකාරී වේලාවේදී ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කිරීම පිළිබඳවයි.

ජනතාවගෙන් ඒ පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් එම ක්‍රියාව පහත් ලෙස හෙළා දකින බවත් තව දුරටත් එය එසේ සිදු නොකර සිටින ලෙසත් එම මහතා එහිදී අවධාරණයෙන් කියා සිටියේය.