FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්ත චෝදනා මත පලෙයි අධිකරණ වෛද්‍ය නිලධාරී අත්අඩංගුවට

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් මහතා ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට වන චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්ත සබඳතා චෝදනාවකට අදාලව යුධ හමුදාවට ලැබුණු තොරතුරක් මත සැකකරු යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

යාපනය සහ චාවකච්චේරිය ප්‍රදේශවල පදිංචිව සිට ඇති සැකකරු 41 වැනි වියේ පසුවන අයෙක් බව වාර්තා වේ.

යුධ හමුදාව විසින් සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ යාපනය ඒකකයට භාර දී ඇති අතර මේ වන විට ඔහුව යාපනය පොලිසියේ රඳවා තබා ගනිමින් විමර්ශන සිදුකෙරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.