FAST NEWS

24×7 Around the Globe

23 වන යුධ හමුදාපති ධූරයට ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

 

(ෆාස්ට් නිව්ස් ‍‍‍‍| කොළඹ) – නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනාධිපතිවරයා විසින් පත්කර ඇත.

23 වන යුද හමුදාපතිවරයා ලෙස අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශවේන්ද්‍ර සිල්වා මහතා සිය පත්වීම් ලිපිය ජනාධිපතිවරයා අතින් ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේදී යුධ හමුදාවට බැදුණු මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා දියත් කෙරුණු මානුෂීය මෙහෙයුමේදී 58 වන සේනාංකාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.